පසුගිය පැය 48 තුළ පාතාල අපරාධකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට

ජුලි 21, 2020

දිවයින පුරා අපරාධ මැඩලීම්  සහ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් පොලීසිය විසින් තවදුරටත් තීව්‍ර කිරීමත් සමඟ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ හා සම්බන්ධ අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු සඳුදා (ජූලි 20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 48 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

චමින්ද කුමාර, හෙට්ටිආරච්චිගේ ජගත් කුෂාන් දිල්රුක් සහ තවත් දෙදෙනෙකු ‘රෝඩා’ සහ ‘නාලියා’ යන අන්වර්ථ නාමයෙන් හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් සිදු කරන ලද මෙහෙයුම් අතරතුරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

42 හැවිරිදි චමින්ද කුමාර ප්‍රකට පාතාල අපරාධකරුවෙකු වන ‘සමයන්’ ගේ සමීපතමයෙකු වන බව කියැවෙන අතර ඔහු ඉරිදා නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් තිබී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

හෙට්ටිආරච්චිගේ ජගත් කුෂාන් දිල්රුක් 2015 වර්ෂයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. මෙම සැකකරු රණාල ප්‍රදේශයේ සැඟව සිටියදී නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව, බන්ධනාගාරය හරහා ‘ඊසි කෑෂ්’ හරහා මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන ‘පොඩි තිළිණ’ ගේ සහායකයින් ලෙස හඳුනාගෙන ඇති ‘රොඩා’ සහ ‘නලියා’ මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.