නාවික පොකුරේ ‘තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිතයින් නොමැත’ ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරයි

ජුලි 21, 2020

වැලිසර කදවුරු පොකුරේ සිටි අවසන් කොරෝනා වෛරසය ආසාදිත නැවියන් තිදෙනා සුව වීමත් සමඟ නාවික කොරෝනා වෛරස් පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සනාථ කරන ලදි.

සුවය ලැබූ නැවියන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට භාජනය කරන බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා අද (ජුනි 21 ) පැවසීය.

සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජුනි 22 වන දින සිට වැලිසර නාවික හමුදා කඳවුරේ  සාමාන්‍ය මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කරන ලදී.

වැලිසර නාවික හමුදා රෝහල බාහිර  රෝගීන් සඳහා දින 77 ක් වසා දමා තිබී  ජූලි 10 වන දින නැවත විවෘත කරන ලද අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇති බැවින් මේ වන විට එහි රාජකාරි කටයුතු අඛණ්ඩව සිදු  කරගෙන යනු ලබයි.

වැලිසර නාවික හමුදා සංකීර්ණයට කොරෝනා වෛරසය ආසාදිත  නැවියන් ඇතුළත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව අප්‍රේල් 24 වන දින රෝහල් දෛනික රාජකාරි නතර කරන ලදි.