උතුරු නාවික විධානය කජු වගාව ආරම්භ කරයි

ජුලි 21, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා කජු සංස්ථාව සමග එක්ව කජු වගා කිරීමේ ව්‍යාපාරයක් දියත් කරමින්  එහි පළමු අදියර ලෙස උතුරු නාවික විධානයේ කනක්සන්තුර වරායේ  පැළ 100 ක් රෝපණය කළේය.
 
සමුද්‍ර ජෛව විවිධත්වය සහ කලාපීය සතුන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය යටතේ කජු පැළ 560 ක් සිටුවීම සඳහා දියත් කරන ලද මෙම මෙහෙයුම නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර අඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලදී.
   
ශ්‍රී ලංකාවේ කජු වගාවෙන් අඩකට වඩා වියළි කලාපයට පමණක් සීමා වී ඇත. දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉල්ලුම සඳහා වන නිෂ්පාදනය වැඩි කරමින් රටේ ගොවීන් සඳහා මුදල් උපයන බෝගයක් බවට කජු පත්වෙමින් තිබේ.
 
කජු යනු අනෙකුත් වාණිජ භෝග හා සැසඳීමේදී අවම සැලකිල්ලක් අවශ්‍ය බෝගයකි.
 
කජු ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු  උතුරු නාවික විධානයේ  ඉඩම් මෙහෙයුම් කාර්ය මණ්ඩලයට පැවරී ඇත.