විශේෂ නිවේදනය

පෙබරවාරි 27, 2019

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

දැනට භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත් (chainsaw mashines) ලියාපදිංචි කිරිම සදහා දි තිබු කාලය හෙටින් (28) අවසන් වේ.

ඒ අනුව, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිතා කරන සියලුම යාන්ත්‍රික කියත්, ළගම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඉදිරිපත් කර අද සහ හෙට දෙදින තුළ ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතුවේ.

ආරක්ෂක අමාත්‍ය, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියෝගය පරිදි ආරක්ෂක අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් අනුව මෙම ලියාපදිංචිය සිදු කෙරේ.

වන විනාශය පාලනය කිරිම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදු වන ජාවාරම් නතර කිරිම, සහ ගස් කැපිම නියාමනය කිරිම මෙහි අරමුණයි.

අදාල ලියාපදිංචියෙන් පසු, හදුනාගැනිම සදහා විශේෂ බලපත්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කිරිමට ද නියමිතය.

අවශ්‍ය උපදෙස් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.


ලේකම්
ආක්ෂක අමාත්‍යංශය
2019.02.27