කොරොනා අසාදිතයින් 2,094 ක් සුවය ලබා රෝහල්වලින් පිටවේ

ජුලි 24, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද  වාර්තාවට අනුව, කොරොනා  අසාදිතයින්  17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ   සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව  අද දින වන විට  2094 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික බෝවන රෝග විද්‍යාතනය (අයි.ඩී.එච්), නැගෙනහිර කොළඹ මූලික රෝහල, ඉරනවිල රෝහල සහ පනාගොඩ හමුදා රෝහල යන රෝහල්වලින්  ඔවුන් පිටව ගොස් ඇති බව  ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය අසාදිතයින්  2,753 ක් වාර්තා වී ඇති අතර අසාදිත බවට සැකකෙරෙන  පුද්ගලයින් 63 දෙනෙකු සදහා  රෝහල්වල   පරීක්ෂණ කටයුතු පවත්වයි.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 648 දෙනෙකු රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර  ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 කි.