පුරාවස්තු ආඥාපනත සංශෝධනයට ජනාධිපතිවරයා ප්‍රවේශයන් පිලිබදව සොයයි

ජුලි 25, 2020

රටේ පුරාවස්තු හා ෙඵතිහාසික ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුරාවස්තු ආඥාපනත සංශෝධනය කිරීමට ප්‍රවේශයන් සොයමින් සිටින බව ජනාධිපති  මාධ්‍ය අංශය පවසයි.

සංශෝධන සිදු කළ යුතු ආකාරය අධ්‍යයනය කිරීම සඳහා මහා සංඝයාවහන්සේ  සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපති රාජපක්ෂ තීරණය කර තිබේ.

සාකච්ඡාවට අනුව, වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානවලට  සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමේ හැකියාව ද සලකා බලනු ඇත.

ඊයේ (24) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව සමඟ පැවති සිව්වන වටයේ රැස්වීම්වලදී මෙම තීරණය ගෙන තිබේ.

ෙඵතිහාසික උරුමය හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවලට හානි කිරීමට කිසිවෙකුට ඉඩක් නොමැති බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ එවැනි ස්ථාන සියල්ලම ජාතික උරුමයක් ලෙස සලකනු ලබන බවත්, ඒවා ආරක්ෂා කරන බවත්ය.