වෙරළබඩ කලාප ජලයෙන් යටවිය හැකිය- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ජුලි 26, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) දින අලුයම කාලගුණ වාර්තා නිවේදනයක් නිකුත් කරමින්, පුත්තලම් සිට පොතුවිල් දක්වා වෙරළ තීරයේ කොළඹ, ගාල්ල  සහ හම්බන්තොට වෙරළබඩ ප්‍රදේශ දැඩි සුළං සහ රළ හේතුවෙන් ජලයෙන් යටවිය හැකි බවට අනතුරු අගවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු හා  තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානිය පිළිබඳව සැලකිලිමත් වන  ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවට දන්වා සිටී.

බස්නාහිර, සබරගමුව, දකුණු හා මධ්‍යම පළාත්වල කඩින් කඩ වැසි ඇති විය හැකි  අතර වයඹ පළාතේ මද වැසි ඇතිවිය හැකිය.

සවස් වරුවේ ඌව පළාතේ, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.