මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි

පෙබරවාරි 28, 2019

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙරට මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය පසුගිය 71 වන ජාතික දින උලෙළේ දී ජාතියට ප්‍රදර්ශනය කෙරිණි.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් බි්‍රගේඩියර් ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා විසින් එම අනුරුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය