‘සහයෝගීතා කේන්ද්‍රය’ යාපනයේදී විවෘත කෙරේ

ජුලි 28, 2020

යාපනයේ සිත්තන්කර්නි හි ‘සහයෝගීතා කේන්ද්‍රය’ ජුලි 25 වන දින විවෘත කිරීමත් සමඟ යාපනයේ යුද්ධ හමුදා සහ සිවිල් අන්තර් සම්බන්ධතාවයන් උසස් මට්ටමකට පැමිණ ඇත.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් සහයෝගීතා කේන්ද්‍රය විවෘත කරන ලදි.

යාපනයේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ හැකියාවන් හා කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමට සහ අර්ධද්වීපයේ යුද්ධ හමුදාව සහ සිවිල් සමාජය අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කොටගෙන මෙම සහයෝගීතා කේන්ද්‍රය පිහිටුවන ලදි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු පරිත්‍යාගශීලියෙකුගේ මූල්‍ය ආධාර මත සිදුකළ බව යුද්ධ හමුදාව පවසයි.

යුද්ධ හමුදාව පවසන ආකාරයට, යාපනය යුද හමුදා සාමාජිකයින් විසින් මෙම ස්ථානයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබයි.

මීට අමතරව, ක්‍රීඩා, තොරතුරු තාක්‍ෂණ සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා යාපනයේ සිවිල් වැසියන්ට ඍජුව සහාය දැක්වීම මෙමගින් සිදුකෙරේ.