තොරතුරු සැපයීම සඳහා පොලිසිය විසින් මහජනතාවට නව කෙටි දුරකථන , ෆැක්ස් අංක සහ විද්‍යුත් ලිපිනයක්

ජුලි 28, 2020

වැඩි විශ්වාසයකින් යුතුව තොරතුරු සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය “1997” සහ “1917” යන දුරකථන අංක දෙක මහජනතාවට හඳුන්වා දී තිබේ.

විෂ  මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වත්කම්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිදුවීම්, මහජන සාමයට බාධා සිදුකිරීම් , මහා පරිමාණ දූෂණ, බුද්ධිමය දේපළ හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා  තොරතුරු රැස් කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ කෙටි දුරකථන අංක ‘1997’ සහ 1997@Police.lk යන විද්‍යුත් ලිපිනය ස්ථාපිත කර ඇත.

මීට අමතරව, නීති විරෝධී ලෙස ඉපැයීම්, බැංකු ගිණුම්, වාහන සහ ඉඩම් වැනි වත්කම් පිළිබඳ තොරතුරු, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා ඉඩම් අත්පත්කර ගැනීම් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මහජනතාව විසින් සිදුකරන දැනුවත් කිරීම් සඳහා පොලීසිය විසින් ‘1917’ සහ 1917@Police.lk යන විද්‍යුත් ලිපිනය ස්ථාපිත කර ඇත.

ලිඛිතව තොරතුරු සහ සාක්ෂි ඉදිරිපත් කිරීමට කැමති අය හට අභ්‍යන්තර ෆැක්ස් අංක 011 - 2440440 හෝ පොලිස්පති මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 1 යන ලිපිනයට එවිය හැකිය.
 
පැමිණිලිවල රහස්‍යභාවය ආරක්‍ෂා කිරීම සහතික කරන බව ද පොලිසිය පවසයි.