වාර්ෂික සමුදීමේ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය

ජුලි 28, 2020

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ස්ථාන මාරු සහ විශ්‍රාමලත් හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් සඳහා අද දින (28) අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍යාග පිරිනමන ලදි.

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස (සා/පෙ) විභාගවලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානයද සිදුකරන ලදි.

ඔවුන් විසින් අමාත්‍යාංශය වෙනුවෙන් සිදු කල සේවය වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාවය පළ කළේය.

මෙම උත්සවය සැලසුම් කල කාර්ය මණ්ඩලයේ සාමූහික ප්‍රයත්නය අගය කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න ස්ථාන මාරු සහ විශ්‍රාම ගොස් සිටින අමාත්‍යාංශයේ හිටපු කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ දරුවන්ගේ ඉදිරි කටයුතු සඳහා සුභ පැතුම් එක්  කළේය.

මෙම අවස්ථාව සදහා AIA රක්ෂණ සමාගමේ කලාප කළමනාකරු ඩි එම සී පී දුනුසිංහ, ලංකා බැංකුවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි බ්‍රිගේඩියර් (විශ්‍රාමික) එල් ඩබ්ලිව් එච් ගමගේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) එල් ගෝමිස්,මෙට්‍රොපොලිටන් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක අයි මහරූෆ්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින් සහ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පාසල් සිසුන් සහභාගී වුහ.