යාපනයේ තවත් භූමි ප්‍රමාණයක් නිදහස් කෙරේ

මාර්තු 01, 2019

ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල පලාලි යුද්ධ හමුදා ජනපදයේ මයිලඩි උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 19.72 ක් පසුගිය සඳුදා (මාර්තු 04) දිනට යෙදුන මහා ශීවරාත්‍රි දිනයේ දී නිදහස් කරන ලදී.

මෙලෙස නිදහස් කරන ලද ඉඩම් මුදාහැරීමේ සංකේතාත්මක උත්සවය රාජ්‍ය නිලධාරීන් සහ ඉඩම් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති අතර එහිදී මෙම ඉඩම් සඳහා වූ නිල ලේඛණ යාපනය දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත භාරදෙන ලදී.

මීට පෙර පසුගිය දෙසැම්බර් මස දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කිලිනොච්චි හි කරච්චි, කන්දවේලි, පුදුකුඩිඉරුප්පු සහ තුනුක්කායි යන ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් අක්කර 45.28 ක් ඉඩම් හිමිකරුවන් වෙත නිදහස් කර ඇත.