විශේෂ නිවේදනය

මාර්තු 01, 2019

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය මාර්තු 15 වැනි දා දක්වා දීර්ඝ කෙරේ

දැනට භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත් (chainsaw machines) ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබු කාලය 2019 මාර්තු මස 15 වැනි දා දක්වා දීර්ඝ කෙරේ.

ඒ අනුව රජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත්, ළගම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඉදිරිපත් කර මාර්තු මස 15 වැනි දාට පෙර ලියාපදිංචි බලපත්‍රයක් ලබ ගත යුතු වේ.

ආරක්ෂක අමාත්‍ය, අතිගරු ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මතිතුමගේ නියෝගය පරිදි ආරක්ෂක අමාත්‍යංශය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම වැඩසටහන පසුගිය පෙබරවාරි 20 වැනි දා ආරම්භ කෙරුණි.

ඒ අනුව අදින් (28) එම ලියාපදිංචි කිරීමේ කටයුතු අවසාන වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් මින් පසු මේ සඳහා ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට අපේක්ෂා නොකෙරේ.

වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණයි.

අදාල ලියාපදිංචියෙන් පසු, හදුනා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කිරීමට ද නියමිතය.

අවශ්‍ය උපදෙස් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇත.

මේ සම්බන්යෙන් සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.

ලේකම්

ආරක්ෂක අමාත්‍යංශය

2019.02.28