බංගලාදේශ නාවික හමුදා නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

මාර්තු 06, 2019

සිව්දින නිල සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (මාර්තු 03) දින දිවයිනට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව අද (මාර්තු 06) දින සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් දිවයිනෙන් පිටත් වූ මෙම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කරන ලදී.

මෙම නෞකාව මෙරට රැඳී සිටී කාලසිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.