සිය සංවත්සර සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් ගණනාවක් දියත් කරයි

මාර්තු 07, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය 68 වන සංවත්සරය සැමරීමට සමගාමිව ප්‍රජා සුබසාධන වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, මුලතිව්හි වට්ටපලෙයි මහ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද සනීපාරක්ෂක පහසුකම් පසුගියදා (මාර්තු 01) සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලදී.

මීට අමතරව මුලතිව් ගුවන් හමුදා කඳවුරේ භටපිරිස් විසින් ද ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් මාලාවක් සිදුකරනු ලැබීය. මේ යටතේ මුල්ලියාවේලි රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් ද පැවැත්විණි.

තවද පිලකුඩිරිප්පු හි සෙන්කදීර් පෙර පාසලට ජල පෙරහනක් සහ ජල ටැංකියක් පරිත්‍යාග කරන ලදී. එමෙන්ම මුලතිව්හි කෙප්පපිලව් රජයේ දෙමළ මිශ්‍ර පාසල වෙත ක්‍රීඩා උපකරණ තොගයක් ද පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සැණකෙළියක් සහ සංදර්ශනයක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලැබීය. 20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය ද පවත්වන ලදී.

මෙහිදී පිරිමි හා කාන්තා යන ශුරතාවලින් ද්විත්වයම ගුවන් හමුදා කණ්ඩායම් විසින් දිනා ගැනීම විශේෂත්වයකි.