යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව සනීපාරක්ෂක පහසුකම්

මාර්තු 15, 2019

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාබි පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශේෂ ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර දිළිඳු පවුල්වල සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීමේ අභිලාෂයෙන් දියත්කල වැඩසටහන් එවැනි එක විශේෂිත වූ ව්‍යාපෘතියකි.

මෑතකදී යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භතොඉරිස් විසින් යාපනයේ සිටින අඩු ආදායම් ලාභි පවුල් දහයක් සඳහා වැසිකිලි 10 ක් ඉදිකර ඔවුන්ගේ භාවිතය සඳහා ලබාදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (10) දින තිරුමල්ලුවර් ප්‍රජා මධ්‍යස්ථානයේ දී පැවැති උත්සවයකදී නිල වශයෙන් නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.
මෙහිදී ප්‍රතිලාභී පවුල් සඳහා සනීපාරක්ෂක කට්ටල 10 ක් සහ පිරිසිදු කිරීමේ කුඩු බෝතල් ද ලබා දී ඇත.

පසුගිය අවුරුද්දක කාලය ඇතුලත යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රදේශයේ මෙවැනි අඩු ආදායම් ලාභී පවුල් වෙත වැසිකිලි 50 කට අධික සංඛ්‍යාවක් ඉදිකර දී ඇත.