දෙබරවැවේ සිසු සිසුවියන් 4,000 කට වැඩි පිරිසකට ජලය සැපයීම සඳහා නාවික හමුදාවෙන් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය අමාත්‍ය රාජපක්‍ෂ විවෘත කරයි

සැප්තැම්බර් 01, 2020

තිස්සමහාරාමයේ දෙබරවැව ජාතික පාසලේ ස්ථාපනය කරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් වාරිමාර්ග කැබිනට් අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්‍ෂ ඊයේ (අගෝස්තු 31) විවෘත කරන ලදි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෑතකදී පාසැලේ කළ සංචාරයේදී දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වාරිමාර්ග අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය කළේය.

කාලෝචිත අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාව විසින් සිසු සිසුවියන් 4,000 කට වැඩි පිරිසකට සහ ප්‍රදේශයේ ගම්වැසියන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා කෙටි කාලයක් තුළ නව පහසුකම ස්ථාපනය කරන ලදි.

මෙම අවස්ථාවට දකුණු නාවික විධානයේ ආඥාපති කොමදෝරු ප්‍රියන්ත පෙරේරා, පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන්, සිසුන්, නාවික හමුදා නිලධාරීන්, නැවියන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

Sinhala.