හෙළ රණවිර බළමුළුව වෙත දානපතියෙකු රු. 100,000 ක් පරිත්‍යාග කරයි

සැප්තැම්බර් 02, 2020

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන යූ.එච්. අශෝක විසින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් හෙළ රණවිර බළමුළුව වෙත රුපියල් 100,000 ක මුදලක් අද  (සැප්තැම්බර් 02) දින ආරක්ෂක අමාත්‍යාංශයේදි පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත අශෝක විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත භාර දෙන ලදි.

මෙම අවස්ථාවට හෙළ රණවිර බළමුළුවේ සාමාජිකයින් ද සහභාගී වූහ.