“ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කිරීමේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගි වේ

මාර්තු 16, 2019

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කරමින් සෙනසුරාදා (මාර්තු 16) දින පවත්වන ලද සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක   අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.

මෙහිදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා 67 නමකගේ සහභාගීත්වයෙන් පින්ඩපාත දානමය පින්කමක් කුරුඳුවත්ත පොලිස් ස්ථානය විසින් සංවිධානය කර තිබුණි. මෙම උත්සවය සෙනසුරාදා උදෑසන නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය මෙම මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, යුද්ධ හමුදාධිපතිතුමන්, පොලිස්පතිතුමන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.