ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

සැප්තැම්බර් 07, 2020

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (සැප්තැම්බර් 06) රාත්‍රී 9.30ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් පිළිබඳ පණිවිඩයක් නිකුත් කරමින් දිවයිනේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම්වලට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක පහක් නම් කර ඇත.

කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑම් සිදුවිය හැකි කලාප කිහිපයක් සඳහා අනතුරු හැඟවීම් නිකුත් කර ඇති අතර, එය අද දින (සැප්තැම්බර් 7) රාත්‍රී 9.30 දක්වා වලංගු වේ.

කොළඹ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කළුතර පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, කෑගල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ රත්නපුර ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ‘2 වන මට්ටම’ අවදානම පැවතිය හැකි ප්‍රදේශ ලෙස හදුන්වා ඇත.

මේ අතර, කොළඹ පාදුක්ක, ගාල්ල නාගොඩ, ඇල්පිටිය සහ නියගම, කළුතර මතුගම, අගලවත්ත, වලල්ලාවිට, ඉංගිරිය සහ හොරණ, කෑගල්ල දැරණියගල, අරණායක සහ ගලිගමුව, රත්නපුර ඇලපත, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට සහ අයගම යන දිස්ත්‍රික්ක ‘1 වන මට්ටම’ අවදානම පැවතිය හැකි ප්‍රදේශ ලෙස හදුන්වා ඇත.

මෙම කාල සීමාව තුළ සිදුවිය හැකි නායයෑම්, පොළොවේ ඉරිතැලීම්, ගැඹුරට හැරුණු පැළුම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, එකවර ජල උල්පත් ඇතිවීම, ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැති වීම ආදී පුර්ව ලක්‍ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.