MT New Diamond නෞකාව මෙරට සිට නාවික සැතපුම් 50 ක දුරකින් - නාවික හමුදාව

සැප්තැම්බර් 10, 2020

කල්මුණේ තුඩුවේ සිට නාවික සැතපුම් 50 ක් දුරින් MT New Diamond නෞකාව තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා අද (සැප්තැම්බර් 10) පැවසීය.

සිංගප්පූරුවේ සිට ටග් යාත්‍රාවක්ද අද දින සිට මෙහෙයුම් කටයුතු සඳහා එක්වනු ඇතැයිද ඔහු පැවසීය.

එම ප්‍රදේශයෙන් එකතු කරන ලද ඝණ තෙල් සාම්පල පිළිබඳව අදාළ බලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවද ඔහු පැවසීය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ defence.lk වෙත පැවසුවේ, බීච්ක්‍රාෆ්ට් ගුවන් යානයක් චීනවරාය  ගුවන් හමුදා කඳවුරේ සිට නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා අද (10) උදෑසන 10.00 ට පිටත් වූ බවයි.

ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර පැවසුවේ ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන්  නැව රැගෙන යන ලෙසට MT New Diamond හි හිමිකාරිත්වය ඇතුළු සියලුම  බලධාරීන්ට දැනුම් දුන් බවයි.

මුදවා ගැනිමේ  විශේෂඥයන්  ලෙස පත්කර ඇති  සිංගප්පූරුව පදනම් කරගත් ජාත්‍යන්තර සමාගමක් වන SMIT සිංගප්පූරු පුද්ගලික සමාගමේ කාර්ය මණ්ඩලය මෙම නෞකාවේ ස්ථායිතාව පිළිබඳව සොයා බැලීම සඳහා නැවට ගොඩ බැස ඇති බව ඇය පැවසුවාය.