ජාතියේ අනාගතය අපේ දරු පරපුරයි - ජනාධිපති

ඔක්තෝම්බර් 01, 2020
  •  අපේ ජාතිය යථාර්ථයක් කරගනිමු

අතිගරු ජනාධිපතිතුමා සිය ලෝක ළමා දින පණිවුඩයේ අපේ දරුවන් ජාතියේ අනාගතය බව සඳහන් කර සිටී.

“ඔවුන් දැනුමෙන් පොහොසත් කරවන අතරම ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සමස්ත සමාජයේම වගකීමකි” ජනපතිතුමන් සිය පණිවුඩයේ සදහන් කර ඇත.

“දරුවන්ගේ කායික මානසික සෞඛ්‍යය තහවුරු කිරීම සඳහා අප ප්‍රමුඛතාවය ලබාදෙන තරමටම, ඔවුන් යහපත් පුද්ගලයින් බවට පත් කිරීමටද අප වග බලා ගත යුතුය” අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සම්පූර්ණ පණිවුඩය පහතින් දැක්වේ: