සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය ලෝක ළමා දිනය සමරයි

ඔක්තෝම්බර් 01, 2020

‘සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ ලෝක ළමා දින සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය  අද (ඔක්තෝබර් 1) දින සහභාගී විය.
 
උත්සවයේදී , ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ විසින් SERRIC හි නිල වෙබ් අඩවිය වන www.senehasa.care.lk හඳුන්වා දෙන  ලදී.
 
දරු දැරියන්  විසින් අද දින ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලද  අතර  ඔවුන් වෙත  තෑගි බෙදා දීමක් ද සිදුකරන   ලදී.
 
SERRIC යනු ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද ආයතනයකි.
 
ආබාධිත හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් ලබා දෙන මෙම ආයතනයළමා සංවර්ධනය පිළිබඳ දැනුම වර්ධනය කර  ගැනීමට ඉවහල් වන  තොරතුරු කේන්ද්‍රස්ථානයකි.
 
එවැනි දරුවන්ගේ සහජ හැකියාවන්, ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීම හා  තක්සේරු කිරීම, සායනික සහාය ලබා දීම, නිසි  මග පෙන්වීම සහ උපදේශනය ලබා දීම, දරුවන්ගේ සංවර්ධනය සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, පුද්ගලයාට සුවිශේෂී වූ පූර්ව වෘත්තීය පුහුණුව  එහි අරමුණු කිහිපයක් වේ.
 
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී  චිත්‍රානී  ගුණරත්න මහත්මිය, SEERIC අධීක්ෂණ නිලධාරී සෝනියා කොට්ටෙගොඩ මහත්මිය, හිටපු යුද හමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටෙගොඩ, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහ යුද  හමුදා   සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල්  නිශාන්ත  උලුගෙතැන්න හා නාවික හමුදා   සේවා වනිතා ඒකකයේ සභාපතිනී  චන්දිමා  උලුගෙතැන්න  මහත්මිය,  ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුමංගල ඩයස් සහ ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප්‍රභාවි  ඩයස් මහත්මිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී කුමුදුනී පීරිස් , රණවිරු සේවා අධිකාරීයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර සහ  රේඛා සේනාධීර, සමන්ති වීරසිංහ මහත්මිය ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, දානපතියන් සහ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.