හදිසි අවස්ථා සඳහා උතුරේ යුද හමුදා රෝහලේ ඇඳන් 100 ක්

ඔක්තෝම්බර් 14, 2020

උතුරේ ඇතිවිය හැකි හදිසි අවස්ථාවක් සඳහා ඇඳන් 100 ක් සමඟ යුද හමුදාව සූදානම් බව කොවිඩ් 19  පැතිරීම  වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  සහතික වෙයි.

ඊයේ (ඔක්තෝබර් 13) දින  කොවිඩ් 19  පැතිරීම  වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවති රැස්වීමකදී වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විසින් හදිසි අවස්ථාවකදී උතුරේ රෝගීන්ට ප්‍රතිකාර කිරිමෙි  හැකියාව පුළුල් කිරීම පිළිබඳව ඉල්ලීමක්  කල අවස්ථාවෙදී යුද හමුදාපතිවරයා එලෙස සහතික විය.    

අවශ්‍ය උපාංග සහිතව  සියලු කටයුතු සූදානම් ක‌ල හැකි බව ඔහු තවදුරටත් පැවසීය.                                           

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුනසිංහ සහ සෞඛ්‍ය අංශයේ අනෙකුත් බලධාරීන් සහභාගී වූහ.