ආරක්‍ෂක ලේකම් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක

ජුලි 14, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සෙනසුරාදා (13) දින පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ (CRD) නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා විසින් ආරක්‍ෂක ලේකම්වරයා පිළිගනු ලැබීය.

ආයතනයේ ක්‍රියාකාරිත්වය සහ නවෝත්පාදනයන් පිලිබඳව පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු සිදුකල පළමුවන සංචාරය සනිටුහන් කිරීම සඳහා අධ්‍යක්‍ෂවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සිහිවටනයක් ලබා දෙන ලදී