මිනුවන්ගොඩ පොකුරෙන් 16 ක් සුවය ලබයි

ඔක්තෝම්බර් 16, 2020

වසංගත රෝග විද්‍යා ඒකකයේ තොරතුරු අනුව ඔක්තෝම්බර් 15 වන දින වාර්තා වූ ආසාදිතයින් 74 සමගින් රටේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 5,244 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඔවුන් අතරින් ආසාදිතයින් 68 ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා පොකුරේ සමීප සම්බන්ධතා ලෙස හඳුනාගෙන ඇති අතර එම පොකුරේ ආසාදිතයින් ගණන 1,791 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 6,543 සමඟ දිවයිනේ පීසීආර් පරීක්ෂණ 365,859 ක් අවසන් කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 84 ක පුද්ගලයන් 9,556 ක් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසයි.

කොරෝනා වෛරසය ආසාදිතයින් 23 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, ඔවුන්ගෙන් 7 දෙනෙකු විදේශයන්ගෙන් ආපසු මෙරටට පැමිණි අය වන අතර අනෙක් 16 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ආසාදිත වූ පුද්ගලයන් වේ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව පුද්ගලයින් 53,011 ක් නිරෝධායන කාලය මේ වන විට සාර්ථකව සම්පූර්ණ කර ඇත.