නාවික හමුදාව වෙත ඕස්ට්‍රේලියාවෙන් පීසීආර් යන්ත්‍ර 04 ක්

ඔක්තෝම්බර් 18, 2020

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා රජය දරන උත්සාහය ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ගේ නිළ නිවසේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට පීසීආර් පරීක්ෂණ යන්ත්‍ර 04 ක් ලබා දී තිබේ.

මෙම අවස්ථාවෙදී නාවික හමුදාවට  ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍ර 02 ක් සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍ර 02 ක් ලැබුණි.

මෙම යන්ත්‍ර මගින් එක් වරකදී නියැදීන් හතර බැගින් පරීක්‍ෂා කිරීමේ හැකියාව පවතින අතර ඕස්ට්‍රේලියානු රජයේ මෙම පියවර මගින්   ශ්‍රී ලංකා   නාවික හමුදාවට කාර්යක්ෂම හා ඵලදායී ලෙස PCR පරීක්ෂණ සිදුකිරිමේ හැකියාව ලබා දේ.

ආරක්ෂක උපදේෂක ගෘප්  කැප්ටන්  ෂොන් අන්වින් විසින් එම යන්ත්‍ර ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වදේශ කටයුතු පිළබඳ උපදේශක හසන් සෝවයිඩ් මහතා සහ අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය සේවා (රෝග නිශ්චය හා ප්‍රතිකාර) වෛද්‍ය කොමදෝරු පීජේබී මාරඹේ ද සහභාගී විය.

Sinhala.