කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනක් හුදෙකලා කෙරේ

ඔක්තෝම්බර් 18, 2020

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා නැවත දැනුම් දෙන තෙක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනක් හුදෙකලා කර ඇති බව පොලිසිය මීට ටික වේලාවකට පෙර පැවසීය.

ඒ අනුව ඔවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරි ප්‍රදේශ හුදෙකලා කර  ඇත.

මෙම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම සහ ප්‍රදේශ හරහා ගමන් කිරීම සාමාන්‍ය ජනතාවට තහනම් වේ.

කෙසේ වෙතත්, උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට ඉහත ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන වෙත යාමට අවසර ඇති බව පොලිසිය තහවුරු කරයි.