වසංගත පාලන මෙහෙයුම්

ඔක්තෝම්බර් 19, 2020

වෛරසය ආසාදිතයින් හඳුනා ගෙන දිවයිනේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා රට පුරා පිහිටුවා ඇති ත්‍රිවිධ හමුදා විසින් කළමනාකරණය වන  නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිය මෙහෙයුම් නිරතුරුව  සිදු කරයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෑතකදී හඳුනාගෙන ඇති වෛරස් ව්‍යාප්තිය සෞඛ්‍ය සේවා බලධාරීන් විසින් ඵලදායි ලෙස කළමනාකරණය කර ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා ඒකක සංඛ්‍යා ලේඛනවලට අනුව, මුළු රෝගීන් සංඛ්‍යාව වැඩි වී  ඇත. පහත දැක්වෙන ප්‍රස්ථාරයේ තිත් නිල් පැහැති වක්‍රය මඟින් රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බව දක්වයි.

උපුටා ගැනීම : සෞඛ්‍ය අමාත්‍යාංශය