යුධ හමුදාව විසින් ඉදිකරන ලද කන්දකාඩු රෝහල හදිසි තත්ත්වයන් සඳහා සුදානම්

ඔක්තෝම්බර් 21, 2020

පවතින තත්ත්වය වඩාත් නරක අතට හැරුණහොත් ශ්‍රී ලංකා හමුදාව විසින් ඉදිකරන ලද ඇඳන් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් සහිත කන්දකාඩු රෝහල හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (ඔක්තෝබර් 20) පස්වරුවේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති හදිසි කාර්ය සාධක බළකා රැස්වීමේදී ඔහු කියා සිටියේ එක්තරා විවාහ මංගල්‍යය අවස්ථාවකට වෛරසය ආසාදිත පුද්ගලයෙකු සහභාගීවීම වෛරසය සම්ප්‍රේෂණයට හේතු වූ බව තහවුරු වූ බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතියක් ලෙස ප්‍රජා වගකීම දැඩි ලෙස පිළිපැදීමේ අවශ්‍යතාව සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, සියලු පුරවැසියන් විසින් සත්‍ය තොරතුරු සපයා දීම තුලින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයේ යෙදී සිටින සියලු දෙනාගේ කාර්යයන් වඩා පහසු කරන බවයි.

මෙම රැස්වීමට සෞඛ්‍ය සේවා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්, අනෙකුත් සියලුම කාර්ය සාධක බළකා සාමාජිකයින් සහ කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් ද සහභාගී වූහ.