දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඔක්තෝම්බර් 22, 2020

අද දින (ඔක්තෝබර් 22) දිවයිනේ බටහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයක සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව සඳහන් වේ.

තවද, උතුර - මධ්‍යම, වයඹ පළාත්වල මෙන්ම, ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර 50 ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

එම කාලගුණ වාර්තාවට අනුව කොළඹ සිට මාතර දක්වා, ගාල්ල හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං බටහිර සිට දකුණු, බටහිර දිශාවන්දක්වා වන අතර, සුළං වේගය පැයට කිලෝමීටර 30-40 අතර වේ.

මාතර සිට පොතුවිල් දක්වා හම්බන්තොට හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යා හැකි බවත්, පුත්තලමේ සිට මන්නාරම දක්වා විහිදෙන ප්‍රදේශ වල සුළං වේගය කිලෝමීටර 50 ක් දක්වා ඉහළ යා හැකි බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

Sinhala.