ශ්‍රී ලංකා ඉන්දියානු නාවික අභ්‍යාසය (SLINEX) - 2020 සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි

ඔක්තෝම්බර් 22, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්වීපාර්ශ්වික ශ්‍රී ලංකා ඉන්දියානු නාවික අභ්‍යාසයේ   (SLINEX) 2020  වසරය සඳහා වු  අභ්‍යාසය ඊයේ (ඔක්තෝබර් 21) සාර්ථකව අවසන් විය.

මෙම වර්ෂය වෙනුවෙන් අදාල නාවික අභ්‍යාසය ඔක්තෝබර් 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පවත්වන ලදි.

ශ්‍රී ලංකා නාවික නෞකාව (SLNS)නියෝජනය කරමින් ‘ගජබාහු’ සහ  ‘සයුර’ සහ ඉන්දියානු නාවික නෞකාව  (INS) නියෝජනය කරමින් ‘කමෝර්ටා’ සහ ‘කිල්තාන්’ යන නාවික නෞකා එක්ව මෙම අභ්‍යාසය සිදුකළ ඒකාබද්ධ අභ්‍යාසයට ගුවන් යානා හෙලිකොප්ටර්වල සහායද යොදාගන්නා ලදි.

ශ්‍රී ලංකා ඉන්දියානු නාවික අභ්‍යාසය - 2020 යනු අනාගත ඒකාබද්ධ නාවික මෙහෙයුම් සඳහා හොඳම භාවිතයන් හා ක්‍රියා පටිපාටි හුවමාරු කර ගැනීමේ එක් වටිනා අවස්තාවකි.

මෙය නාවික කටයුතු වලදී දෙපාර්ශවයම අතර සමුද්‍රීය අන්තර් සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය ද ශක්තිමත් කරයි.

උසස් සැහැල්ලු හෙලිකොප්ටරයකින් ක්‍රොස් ඩෙක් පියාසර කිරීම, ගජබාහු සහ කිල්තාන්  යන නෞකා සමඟ එක්ව සෝදිසි කිරීම් සහ මුදාගැනීම්,  වෙඩි තැබීම්ද ඇතුලත්ව ගුවන් යානා නාශක අභ්‍යාස, මුහුදු නැව් පරිණාමය සහ නැව් සෑදීමේ උපාය මාර්ග යන සියල්ල සහිතව මෙම අභ්‍යාසය සිදුකරන ලදී.

කොවිඩ් - 19 වසංගතය සැලකිල්ලට ගෙන ස්පර්ශ නොවන වාතාවරණයක් තුළ මෙම සම්පූර්ණ ව්‍යායාමය මුහුදු සීමාවේ දී සිදුකරන ලදී.

පසුගිය වසරේ අභ්‍යාසය 2019 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ විශාකාපට්ටම් හිදී පවත්වන ලද අතර, මෙය ශ්‍රී ලංකා ඉන්දියානු නාවික වාර්ෂික අභ්‍යාසයේ 8 වන සංස්කරණයයි.