ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ යයි

ඔක්තෝම්බර් 24, 2020

අද වාර්තා වී ඇති කොරෝනා මරණයත් සමඟම ශ්‍රී ලංකාවේ කොරෝනා  වෛරසය හේතුවෙන් මිය ගිය ගණන   15 ක්  වේ.

කුලියාපිටියේ  කිතලව  හි පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා  වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශයෙන් සනාථ වේ.

ඔහු හෘද   හා වකුගඩු රෝගවලින්  පීඩා විඳි අතර, පසුව දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබා ඇත.