ආරක්ෂක අංශ විසින් මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත

මැයි 14, 2019

පසුගිය අප්‍රේල් 21 වන දින සිට ගෙවුණු සති තුනක කාලය තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රටතුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විශේෂිත මෙහෙයුම් සිදු ක්‍රියාත්මක කරන ලදී. මෙම මෙහෙයුම් හේතුවෙන් ත්‍රස්තවාදීන් බොහෝ දෙනෙකු මියගිය අතර ඒ හා සම්භන්ධ අනෙකුත් අයවලුන් අත්අඩංගුවට ගෙන ඇත. අබවින් කිසිදු බියකින් තොරව තම එදිනෙදා කටයුතු සිදුකර ගැනුමට මහජනතාවට හැකියාව ඇත. පසුගිය මැයි 12 වන දින හලාවත, බිංගිරිය ප්‍රදේශයේ සිදු වූ සිදුවීමත්, පසුගිය සතියේ මීගමුව ප්‍රදේශයේ සිදුවූ සිදුවීමත් හේතුවෙන් එම ප්‍රදේශවල ජන ජීවිතය යතා තත්ත්වයට පත් කිරීම සඳහාත් නිතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහාත් අමතර භටපිරිස් ප්‍රමාණයක් යෙදවීමට සිදුවි ඇත. එමනිසා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ආරක්ෂක අංශවලට තම උපරිම සහාය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඊයේ (මැයි 13) සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවසීය.