රවිනාථ ආර්යසිංහ මහතා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 06, 2020

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති රවිනාථ ආර්යසිංහ මහතා අද දින (නොවැම්බර් 06) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ආර්යසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ද වේ.

මෙම සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම්වරයා ආර්යසිංහ මහතා හට සිය ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සුබපැතුම් එක් කළේය.