ත්‍රිවිධ හමුදාවට මුඛ ආවරණ පරිත්‍යාගයක්

නොවැම්බර් 12, 2020

පියුරිටාස් පුද්ගලික සමාගම Puritas (Pvt) Ltd විසින් නොවැම්බර් 10 වන දින යුද හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කළේය.

මෙම මුඛ ආවරණ සැහැල්ලු සහ  හුස්ම ගැනිමේ දී ඇතිවිය හැකි අපහසුතා මඟහරිමින් තෙතමනය රඳා නොපවතින අයුරින් , පොලියෙස්ටර් සහ ඉලාස්ටේන් වලින් නිෂ්පාදනය කර ඇත. ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන මෙය  බැක්ටීරියා සහ වෛරස් පෙරීමේ කාර්යක්ෂමතාව ඇති බවත් එය නැවත භාවිතා කළ හැකි බවත් පරිත්‍යාගශීලීන් සනාථ කරයි.

කෝවිඩ්-19 වසංගතය තුළ ත්‍රිවිධ හමුදා භටයින් විසින් සාමාන්‍ය හා අනිවාර්ය ශාරීරික පුහුණු සැසි වලදී එම උසස් තත්ත්වයේ මුඛ ආවරණ භාවිතා කළ හැකිය.

මෙම අවස්ථාවට පියුරිටාස් පුද්ගලික සමාගමේ විධායක නිලධාරි එශාන් සමරසිංහ මහතා,  කළමනාකරු (සක්‍රිය කාබන් නිෂ්පාදන) චන්න විජේතුංග මහතා,  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මනුර වික්‍රමසිංහ මහතා සහභාගී වූහ.