ඉරාන තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 13, 2020

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු හෂීම් අෂ්ජාසාද්  මහතා අද (නොවැ. 13) අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්ෂක ලේකම් සහ තානාපතිවරයා  අතර පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්විකව වැදගත්  කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

සිය අදහස් ප්‍රකාශ කරමින් තානාපතිවරයා පවසා  සිටියේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දිගුකාලීන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරන බවයි.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ආරක්ෂක ලේකම්වරයා  සහ ඉරාන තානාපතිවරයා සිහිවටන හුවමාරු කර ගත්හ.