ආශිර්වාද පතා මිරිසවැටිය මහා සෑය අභියස පුද පූජා

නොවැම්බර් 15, 2020
  • පැතිරෙන මාරාන්තික වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා ආගමික වතාවත්

 අනුරාධපුරයේ මිරිසවැටිය මහා සෑය පරිශ්‍රයේ ඊයේ (නොවැ. 14) දින සවස පැවති ආගමික උත්සවයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.

වර්තමාන වසංගත තත්ත්නයෙන්  මිදීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට සහ මුළු ලෝකයටම ආශිර්වාද පතා මෙම උත්සවය සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු. මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් වසරක් සම්පූර්ණ වීමත්, අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමත් මෙහිදී සංකේතවත් විය.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්  මෙම පිංකම පැවැත්විණි.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණ පිංකමට දිවයිනේ නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ.

ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම එම ස්ථානයේදී දුටුගැමුණු රජුගේ පිළිරුවට මල්මාලා පැළැන්දූහ.

ධර්ම දේශනය පවත්වමින් පූජනීය මහා සංඝ රත්නය කොව්ඩ් - 19 වසංගත වැළැක්වීමේ කටයුතුවල නියැලී සිටින කැපවීමෙන් සේවය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක හමුදාවේ පුද්ගලයින්ට ආශිර්වාද ලබා දුන්නේය.

ආශීර්වාදපතා  ඒ හා සමාන උත්සවයක් නොවැම්බර් 13 වන දින අනුරාධපුරයේ රුවන්වැලි  මහාසෑයෙදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුග්‍රහයෙන් පැවැත්විණි.

අතීතයේ සිට වසංගත හා රෝගාබාධ සහිත කාලවලදී පිරිත් සහ රතන සූත්‍ර සජ්ජායනයන් සිදුකල අතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද  ආගමික වත් පිළිවෙත  අඛණ්ඩව දීර්ඝකාලීනව පැවතුණි.

නපුරු ආත්මයන් තුරන් කිරීම සහ  වසංගත වලින් සමාජය ආරක්ෂා කිරීමට ද පිරිත් සජ්ජායනය කිරීම  භාවිතා කෙ‍ෙර්.

විශාලා මහනුවර ඇතිවූ තුන් බිය දුරු කිරීම සඳහා ද භික්ෂූන්වහන්සේලා විසින් මෙලෙස පිරිත් සජ්ජායනා කර ඇත.

මහා සංඝ රත්නය , මැති ඇමතිවරු, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා,  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය  සහ රජයේ නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.