‘පොපි මල් දිනය’ සමගින් ලෝක යුද්ධයේ විරුවන් සිහිපත් කෙරේ

නොවැම්බර් 16, 2020

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින්   විසින් සංවිධානය කරන ලද ‘පොපි දිනය’ උත්සවය ඊයේ (15) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

කොරෝනා  වසංගතය හේතුවෙන්  සෞඛ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි හේතුවෙන් සීමිත පිරිසක්  සමගින් චාම් උත්සවයක් පවත්වන ලදී.

පළමුවන හා දෙවන ලෝක යුද්ධ වල විරුවන්  සිහිපත් කරන දිනය ‘සන්නද්ධ හමුදා’ අනුස්මරණ දිනය ලෙසද හැඳින්වේ.

දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් විසින්  ‘පොපි‘ මල් කළඹක් තැන්පත් කර දිවිපිදු රණවිරුවන්ට  උපහාර දැක්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මෙන්ම පොපි අනුස්මරණ හා සන්නද්ධ හමුදා සැමරුම් දිනයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උපුල් පෙරේරා සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය ඇතුළු  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ  ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ අනෙකුත් නිලයන්, යුද ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ආරාධිතයින් ද සහභාගි වුහ.