ගුවන් නියමුවරියන් දෙදෙනෙකු අළුතින් පත් වීම ගුවන් හමුදා ඉතිහාසයේ සුවිශේෂ කඩ ඉමක් - ආරක්ෂක ලේකම්

නොවැම්බර් 16, 2020
  • මහජනයා විසින් ලබා දී ඇති  රටේ සම්පත් සම්බන්ධයෙන් වගකිව  යුතුයි සහ වගවිය  යුතුයි
  • ගෞරවය ලබා ගන්න නමුත් ඉල්ලා නොගන්න

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙකු පත් කිරීම ගුවන් හමුදාවට මෙන්ම ශ්‍රී ලංකාවටද  සුවිශේෂ වන  බව අලුතින් පත් කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදා  නිලධාරීන්ට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ඔවුන්ගේ ජයග්‍රහණවලට සුභ පතමින් ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළේ  එක් කාන්තා ගුවන් නියමුවරියක්  කුසලතා අනුව පාඨමාලාවේ විශිෂ්ටයා සහ ප්‍රථමයා බවට පත්වීමත්,  පෙළපාළියට අණ දීමත් සුවිශේෂ වන  බවයි.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මෙලෙස අදහස් දැක්වූයේ චීනවරාය  ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ   කෙඩෙට් නිළධාරීන් අධිකාරියට පත් කර විසිරයාමේ පෙළපාළියට  අද (නොවැම්බර් 16)  සහභාගී වෙමින් ය.  

කෙඩෙට් නිළධාරීන් 53 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ලෙස පත් කරන ලද අතර, කාන්තා නිලධාරීන් දෙදෙනෙකු ගුවන් නියමුවන් ලෙස එහිදී  පත් කරනු ලැබීය.

මෙහිදී අංක 61 කෙඩෙට් නිළධාරී පාඨමලාව, අංක 13 කාන්තා කෙඩෙට් නිළධාරී පාඨමලාව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 33 සහ 34 යන පාඨමාලා වල කෙඩෙට් නිළධාරීන් අධිකාරියට පත් කෙරුණි.

 “එක් සරල අත්වැරැද්දකින් රටේ පුරවැසියන් විසින් ඔබට ලබා දී ඇති විශ්වසනීයත්වය සහ විශ්වාසය අඩපණ කරන ව්‍යසනකාරී අසාර්ථකත්වයන් සිදුවිය හැකි බව සියලු දෙනා මතක තබා ගත යුතුය”, යනුවෙන් ඉතා දුෂ්කරතාවයන් මධ්‍යයේ රට විසින් ලබා දී ඇති සම්පත් පිළිබඳව සඳහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය .

ආත්මාරක්ෂාව සඳහා පුද්ගල අයිතිය පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසුවේ  “මේ ලෝකයේ සෑම ජාතියක්ම ඔවුන්ට  එරෙහි ඕනෑම තර්ජනයකින් ආරක්ෂා විය යුතුයි.”   “ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර ආක්‍රමණයකින් එය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක හමුදාවක්  ජාතික රාජ්‍යයන්ට හිමිවනවා ” යනුවෙන් ඔහු පැවසීය.

ලෝකයේ වඩාත්ම කුරිරු ත්‍රස්තවාදී සංවිධානය ලෙස හැඳින්වෙන දෙමළ ඊලාම් විමුක්ති කොටි විසින් එල්ල කරන බරපතල තර්ජනය වළක්වා ගැනීමට සමත් වූ  සැලකිය යුතු   තරම් විශාල කීර්තිමත් සන්නද්ධ හමුදාවක් අප සතුව ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

රට තුළ සාමය ඇති කිරීම සඳහා ගුවනේ  භාරකරුවන් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකර ඇති වැදගත් කාර්යභාරය ගැන සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා, “එල්ටීටීඊය විසින් එල්ල කර ඇති තර්ජනය වළක්වා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට හැකි වූ අපගේ ගුවන් හමුදාව ගැන අපි ආඩම්බර විය යුතුයි.” යැයි පැවසුවේය.

ආරක්‍ෂක පවුලට අලුතින් එක්වන  ලද නිලධාරීන් සාදරයෙන් පිළිගත් ඔහු, “ඔබගේ අණ යටතේ කරනු ලබන සම්පත් මෙහෙයවීම  සම්බන්ධයෙන් වගකිවයුතු සහ වගවිය  යුතු බවට දිවුරුම් දී තිබෙනවා.” එය මානව සම්පත, ගුවන් යානා හෝ වෙනත් උපකරණ වේවා, මේ සියලු සම්පත් සඳහා ඔබ වගකිව යුත්තේ ඒවා රටේ සාමාන්‍ය ජනතාව ගේ දායකත්වයෙන්  පවත්වා ගෙන යන බැවින් බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

සෑම කෙනෙකුටම ගෞරව කිරීමේ වටිනාකම අවධාරණය කරමින් ඔහු පැවසුවේ “ඔබට ගෞරවය ඉල්ලා සිටිය නොහැක, ඔබ එය ලබා ගත යුතුය” යනුවෙනි.

මහා සංඝරත්නය, ගෞරවනීය ආගමික සහ සම්භාවනීය අමුත්තන්, ගුවන් හමුදාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ සෙසු  හමුදාවල  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් සහ අනෙකුත් හමුදා නිලධරයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.