ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 19, 2020

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය වන වෛද්‍ය රාෂියා  පෙන්ඩ්සේ (Dr Razia Pendse), ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (නොවැම්බර් 19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දෙන සහයෝගයන් අතර ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම් පුහුණුවට  අනුවර්තනය කිරීමේදී තාක්ෂණික හා මූල්‍යමය සහාය සහ දිස්ත්‍රික් මට්ටමේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම ද ඇතුළත් වේ.

වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ ආරක්ෂක ලේකම් වෙත උපකරණ කට්ටලයක් භාර දුන් අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතාවයන්ගෙන් එකක් වන හදිසි සෞඛ්‍ය අවස්ථා වලින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා ස්ථිරසාර ලෙස හදිසි අවස්ථාව සූදානම් වීමේ  වැදගත්කම මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

ආරක්ෂක ලේකම්වරයා සෞඛ්‍ය සම්පන්න ලෝකයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දරන උත්සාහය පැසසුමට ලක් කරමින් ආපදා කළමනාකරණ අංශයට ලබා දුන් සහයෝගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට  ශ්‍රී ලංකාවේ  ස්තූතිය පුද කළේය.