35 වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත්කෙරේ

නොවැම්බර් 27, 2020

වැඩබලන පොලිස්පති ලෙස රාජකාරි කළ චන්දන වික්‍රමරත්න මහතා අද (නොවැම්බර් 27) කොළඹ පොලිස් මූලස්ථානයේදී  ශ්‍රී ලංකා පොලිසියේ 35 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන පොලිස්පති වික්‍රමරත්න 1986 දී සහකාර පොලිස් අධිකාරීවරයෙකු  ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇත.  

ඔහු පොලිස් සේවයේ වසර 34 ක් සම්පූර්ණ කර ඇති අතර විවිධ පරාසයන්ගෙන් යුත්  රාජකාරි ඉටු කර ඇත.