නව පොලිස්පති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 02, 2020

අභිනව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 02) හමුවිය.

ශ්‍රී ලංකා පොලිසියේ 35 වන පොලිස්පතිවරයා ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා  හමුවූ පළමු අවස්ථාව මෙය වේ.

මේජර් ජෙනරාල් ගුණරත්න මහතා එහිදී  පොලිස්පති වික්‍රමරත්න මහතා වෙත උණුසුම් සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.