ඊයේ දිනට (02) PCR පරීක්‍ෂණ 13,423 ක්

දෙසැම්බර් 03, 2020

අද (දෙසැම්බර් 02) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 878 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,409 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

හඳුනාගත් සියලුදෙනාම දේශීය ආසාදිතයින් වන අතර,  ඉන් 402 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 188 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ 106 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද  බව අද (දෙසැම්බර් 03) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 21,857 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 14,896 ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (02) PCR පරීක්‍ෂණ 13,423 ක් සිදුකර ඇති අතර අද (03)  උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී  487 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, ජෝර්දානයේ   සිට පුද්ගලයින් 284 ක් , කටාර්හි  සිට පුද්ගලයින් 49 ක් සහ චීනයේ    සිට පුද්ගලයින් දෙදෙනෙකු  ඇතුළුව 335 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇත. තවද ඕමානයේ සිට 54 දෙනෙකු හා ඉන්දියාවේ සිට පිරිසක් අද දින පැමිණීමට නියමිතය. ඔවුන් සියලුදෙනාම නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ  මුළු ගණන 18,303 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදා මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක පුද්ගලයින් 6,400 ක් හුදෙකලා කර ඇති බව හා 6,982 දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව  කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ දෙකත් සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් තිබේ.