වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ‌ජෙනරාල් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

නොවැම්බර් 16, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත අභිනවයෙන් පත් වූ අධ්‍යක්ෂ ‌ජෙනරාල්  රියර් අද්මිරාල් පූජිත විතාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (නොවැ 16) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.  

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා වෙරළාරක්ෂක ප්‍රධානියා සමඟ සුහද කතාබහක නිරත වූ අතර රියර් අද්මිරාල් විතානගේ  වෙත සියලු ඉදිරි කටයුතු සඳහා රාජ්‍ය අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළේය.

රියර් අද්මිරාල් විතාන ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 7 වැනි අධ්‍යක්ෂ ‌ජෙනරාල්වරයා ලෙස සිය පත්වීම් ලිපිය ආරක්‍ෂක ලේකම්වරයා අතින් පසුගිය මස (ඔක්තෝබර් 28) ලබා ගත්තේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් රියර් අද්මිරාල් විතාන මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.