ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නොවැම්බර් 18, 2022

ඉන්දීය සාගරයේ දකුණු සුමාත්‍රා ප්‍රදේශයේ අද (නොවැ 18) පස්වරු 7.07 ට වාර්තා වූ 6.8 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රි ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමානය ජන ජීවිතය ආරක්‍ෂා සහිත බවත් අදාළ ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එකඟත්වයෙන් මෙම නිවේදනය නිකුත් කරන ලද බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටි.