රඹෑව රණවිරුවන්ට හෙළවිරු සුවධරණී සුවසායන වැඩසටහනක්

නොවැම්බර් 23, 2022

හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන රඹෑව රණවිරු ගම්මානයේදී පසුගියදා සාර්ථකව පවත්වන ලදී.

මෙහිදී දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අරුණ ඉන්දික විසින් බෝ නොවන රෝග නිවාරණය පිළිබදව රණවිරු ප්‍රජාව දැනුවත් කිරීමේ දේශනයක් සිදුකරන ලද අතර පැමිණ සිටි රණවිරු ප්‍රජාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙන ලදී.

මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් චන්දන තිලකරත්න, සංවර්ධන අධ්‍යක්ෂ දයානන්දන්, සහකාර ලේකම් චමල් තේනුවර, අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද සමරනායක ඇතුළු වෛද්‍ය නිලධාරීන් සහභාගි වූ අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රු මිලියන 1.8 ක ඖෂධ උතුරු මැද පළාත සදහා වෙන් කර ඇත.

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව ආබාධිත රණවිරුවන් සදහා සහයක උපකරණ ( කෘතිම පාද) බෙදා දීම රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

මෙම වැඩසටහන සඳහා රඹෑව රණවිරු ගම්මානයේ, රඹෑව සංසදයේ හා මැදවච්චිය සංසදයේ රණවිරුවන් සහභාගි විය.