යුද හමුදාවේ මැදිහත්වීමෙන් පුනරීන් සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි

නොවැම්බර් 25, 2022

ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන ඕස්ට්‍රේලියානු ‘නෙත්සරණ’ පදනමේ ලකී ගුණතිලක මහත්මිය විසින් පෙනීමේ දුර්වලතා ඇති සිවිල් වැසියන් 1500 කට අධික පිරිසකට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම පසුගියදා පුනරීන් මධ්‍ය මහා විද්‍යාලයේ සිදු කරන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රජා සත්කාර වැඩසටහනේදී පුනරීන් ප්‍රදේශයේ පිහිටි පාසල් පුස්තකාල 10 ක් සඳහා පොත් කට්ටල 10 ක් පිරිනැමීම ද සිදු වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.