නවසීලන්ත මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 29, 2022

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා අද (නොවැ 29) බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක ලේකම් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි නවසීලන්ත මහ කොමසාරිස් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර නිලධාරීන් දෙදෙනා සුහද කතාබහක ද නිරත වූහ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.