යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වෙත පත්වීම් ලිපිය පිරිනැමේ

නොවැම්බර් 30, 2022

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය 61 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතින් ඊයේ (නොවැ 29) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදි.

වසර 36ක සිය හමුදා දිවිය තුළ මේජර් ජෙනරල් වීරසූරිය ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු යුද හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

ඔහු ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ද වේ.